Sunday, August 25, 2013

සංයුක්ත ස්වර (බැදි ස්වර) (복합 모음)


සංයුක්ත ස්වර 10 කි. තනි ස්වර දෙකක් සම්බන්ද වී සංයුක්ත ස්වර නිර්මාණය වේ.
අ + ඉ ඒක්ව " ඒ " නම් සංයුක්ත ස්වරය සෑදී ඇත. (  + ㅣ=ㅐ)






*සංයුක්ත ස්වර උච්චාරණය කරන ආකාරය සදහා පහත වීඩියෝව බලන්න..



.......................................................................................
Like -  https://www.facebook.com/SriKorea 
Join - https://www.facebook.com/groups/srikorea/
.......................................................................................

Friday, August 23, 2013

දිත්ව ව්‍යජන (자음)

කොරියානු භාෂාවේ දිත්ව ව්‍යජන  자음  05 වෙයි. ව්‍යජන 2 එකතුවී සෑදී තිබේ.


보기 :- ㄱ+ㄱ = ㄲ


 * දිත්ව ව්‍යජන සදහා උදාහරණ.


  1. 아가씨 - කෙල්ල
  2. 아저씨- අංකල්
  3. 가찌- ව්‍යාජ
  4. 싸다 - ලාබ
  5. 비싸다 - මිල වැඩි
  6. 싸우다 - රංඩුවෙනව
  7. 오빠 - අයිය
  8. 까지 - දක්වා
  9. 토까 - හාව
  10. 아빠 - තාත්ත
  11. 씨 - මහතා / මහත්මිය (නමක් අවසානයේ යෙදේ)



뚜시따 씨
තුසිත මහතා


.......................................................................................
Like -  https://www.facebook.com/SriKorea 
Join - https://www.facebook.com/groups/srikorea/
.......................................................................................



Thursday, August 22, 2013

කොරියානු හෝඩිය (한글)

කොරියානු හෝඩිය ස්වර 10 කින් සහ ව්‍යජන 14 සමන්විත වන අතර ස්වර 10ට සම්භන්ද වන සංයුක්ත ස්වර 11 හා ශුද්ධ ව්‍යජන වලට අමතරව දිත්ව ව්‍යජන 5ක්ද ඇත. කොරියානු හෝඩිය අක්ෂර 40ක් තිබේ. නමුත් කොරියානු හෝඩිය වශයෙන් මූලික ස්වර 10 හා ව්‍යජන 14 හැදින්වේ.  කොරියානු අක්ෂර ඉහල සිට පහලටත් වමේ සිට දකුණටත් කියවෙන ඉරිවලින් සකස්වී ඇත. බින්දුව සහ ඉර සියලුම අක්ෂරවලට යෙදී ඇත. ස්වරයක් තනිව ලියන විට ස්වරයට පෙර 0 යෙදා ලිවිය යුතුය. 


කොරියානු භාෂාවේ හල් කිරීම ගැන ගැන විස්තර ඉදිරි ලිපියකින්.
*කොරියානු හෝඩිය අක්ෂර උච්චාරණය කරන ආකාරය සදහා පහත වීඩියෝව බලන්න..






 සරල නාම පද කිහිපයක්..
  1. 어머니 - ඔමොනි - අම්මා 
  2. 아버지 - අබොජි - තාත්තා 
  3. 누나 - නුනා - අක්කා 
  4. 바보 - පාබෝ - මෝඩයා 
  5. 나라 - නාරා - රට 
  6. 다리 - තරි - කකුල
  7. 허리 - හොරි - කොන්ද 
  8. 치마 - චිමා - සාය 
  9. 나무 - නාමු - පැලෑටි 
  10. 바다 - පාදා - මුහුද 
  11. 버스 - බොස - බසය 
  12. 우리  - උරි - අපේ
  13. 머리 - මොරි - ඔලුව 
  14. 모자 - මෝජා - තොප්පය 
  15. 바지 - පාජි - කලිසම
  16. 지도 - චිදෝ - සිතියම 
  17. 야구 - යාගු - කීඩාව (බේස්බෝල්) 
  18. 여기 - යොගි - මෙතන 
  19. 다리미 - තරිමි - ස්ත්‍රිකය
  20. 미리 - මිරි - වේලාස්සනින් / කල්තියා
  21. 아이 - ආඉ - දරුවා 
  22. 나이 - නායි - වයස
  23. 나 - නා - මම 
  24. 누구 - නුගු - කව්ද
  25. 고구마 - කොගුමා - බතල 
  26. 우유 - උයු - කිරි
  27. 고기 - කෝගි - මස් 

Wednesday, August 21, 2013

කොරියානු භාෂාව (한국 말)



කොරියානු ජාතිකයින් ලිවීමේදීත් කතා කිරීමේදිත්  හාවිතා කරන්නේ එකම බසකි. එය ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය විදහාපාන විශිෂ්ට සාධකයන්ද වේ.

කොරියානු භාෂාව මධ්‍ය ආසියාතික අල්තයික් භාෂා පවුලට අයත්ය. ලියන සහ කතා කරන කොරියානු භාශාව ශත වර්ෂ ගණනාවක් තිස්සේ චීනයේ දේශපාලන හා සංස්ක්‍රතික බලපෑමට නොමදව ලක් විය. කොරියානු සහ ජපන් බස ව්‍යාකරනාත්මක සමාන කම් පෙන්නුන් කරන අතරම මෙම භාෂා  දෙකෙහිම චීන වචන බහුලය.

කොරියානු හෝඩිය හන්ගල් නම්න් හැදින් වේ. කොරියානු හෝඩිය 1418 – 1450 දක්වා  රජ කල සේජොං රජතුමාගේ නායකත්වයෙන් යුත් විද්වත් මංඩලයන් මගින් 15 වන සියවසේ බිහි විය.

Tuesday, August 20, 2013

කොරියාව (한국)......



කොරියානු අර්ධද්වීපයේ ආසියානු මහාද්වීපයේ ඊසාව දෙස සිට දකුණු දෙසට වියාප්තව ඇත. වර්ථමානයේ කොරියානු අර්ධද්වීපය උතුරු කොරියා දකුණු කොරියා වශයෙන් දෙරටක් සේ බෙදී ඇත.

 කොරියාවේ දේශගුණය ඍතු 4කින් යුක්තය. ග්‍රීස්ම ඍතුව අධික උෂ්ණත්වයකින්ද ශීත ඍතුව අධික ශීතලකින් සහ හිම පතනයක්ද යුක්තය. වසන්ත හා සරත් ඍතුවල දේශගුණය  සෞම්‍ය වන අතර කාලය වශයෙන් කෙටිය. ජූනි මාසය අවසානයේ මොසම් වැසි වසියි.

‍කොරියානු  ජාතික මුතුන්මිත්තන් මධ්‍යම අසියාවේ සංක්‍රමනයවු මොන්ගොලියානු ග්‍රෝතිකයින් බවට වර්ථමාන කොරියානුවෝ විශ්වාස කරති. දකුණු කොරියාවේ ජන ගහනය 50,004,441 පමණ වේ. අග නුවර සොවුල් නගරයයි. එහි ජන ගහනය එක්කොටි හාරලක්ෂයකට අධිකවේ. දකුණු කොරියාවේ ප්‍රධානම නගර වන්නේ  පූසාන්, තේගු, ඉන්චොන්, ක්වාංජු, තේජෝන් සහ උල්සන් ය. කතොලික, බුද්ධාගම සහ රෙපරමාදු ප්‍රධාන ආගම්වේ.

1960 දී එක පුද්ගල ආදායම ශ්‍රී ලංකාව හා සම මට්ටමක පැවති දකුණු කොරියාව අද ඉහල  ආදායම් ලබන ආර්ථික (High Income Economies) 25 න් එකක් බවට පත්ව ඇත. සාමාණයෙන් වසරකට ‍ඩොලර් 273ක ප්‍රමාණයකින් සිය ඒක පුද්ගල ආදායම වැඩි කර ගන්නා කොරියාව ශ්‍රී ලංකාව මෙන් 18 ගුණයක් ඉදිරියෙන් සිටී.

මෙම ආර්ථික ප්‍රගතිය ඇරබුනේ 1961 බලයට පත් පාක් වුන් හි ගේ කාලයේදීය. 1962 - 1966 පලමු 5 අවුරුදු ආර්ථික සැලැස්ම කාර්මික කරනයට පිවිසීමට අවකාසය සැලසිනි. කාර්මිකකරණය නිසා ගැමි ජනයා නගරය කරා ඇදෙන්නට විය.  දකුණු කොරියාවේ මුලු ජනගහනයෙන් 70% පමණ නාගරිකයන්ය. මහා පරිමාණ මෙන්ම තැන තැන පිහිටි කර්මාන්ත ශාලා දහස් ගණනකි. ඇදුම් නිශ්පාදන, ගොඩනැගිලි උපකරන, ගෘහ උපකරණ, ආහාර නිශ්පාදන, මෝටර් රථ අමතර කොටස්,  කර්මාන්තශාලා මින් කිහිපයකි. සැම්සුන්, ගෝල්ඩ් ස්ටාර්, හයිහොන්ඩා වැනි ආයතන ජාතියන්තර වෙළද පලේ ප්‍රධාන සමාගම් බවට පත්ව ඇත.

මෙම වසර තුල උතුරු කොරියා දකුණු කොරියා මත බේද ඇතිවු අතර එම නිසා පැන්මුන්ජොම් ගම්මාන යේ පිහිටි දෙරටටම පොදු කර්මාන්ත කලාප වසා දමන ලදි. එහෙත් අද වන විට උතුරු සහ දකුණු කොරියා නියෝජිතයන් සාකච්චා අරබා  මත බේද  නිරාකරණය කර ගැනීමට කටයුතු කරමින් සිටී.