Tuesday, August 20, 2013

කොරියාව (한국)......



කොරියානු අර්ධද්වීපයේ ආසියානු මහාද්වීපයේ ඊසාව දෙස සිට දකුණු දෙසට වියාප්තව ඇත. වර්ථමානයේ කොරියානු අර්ධද්වීපය උතුරු කොරියා දකුණු කොරියා වශයෙන් දෙරටක් සේ බෙදී ඇත.

 කොරියාවේ දේශගුණය ඍතු 4කින් යුක්තය. ග්‍රීස්ම ඍතුව අධික උෂ්ණත්වයකින්ද ශීත ඍතුව අධික ශීතලකින් සහ හිම පතනයක්ද යුක්තය. වසන්ත හා සරත් ඍතුවල දේශගුණය  සෞම්‍ය වන අතර කාලය වශයෙන් කෙටිය. ජූනි මාසය අවසානයේ මොසම් වැසි වසියි.

‍කොරියානු  ජාතික මුතුන්මිත්තන් මධ්‍යම අසියාවේ සංක්‍රමනයවු මොන්ගොලියානු ග්‍රෝතිකයින් බවට වර්ථමාන කොරියානුවෝ විශ්වාස කරති. දකුණු කොරියාවේ ජන ගහනය 50,004,441 පමණ වේ. අග නුවර සොවුල් නගරයයි. එහි ජන ගහනය එක්කොටි හාරලක්ෂයකට අධිකවේ. දකුණු කොරියාවේ ප්‍රධානම නගර වන්නේ  පූසාන්, තේගු, ඉන්චොන්, ක්වාංජු, තේජෝන් සහ උල්සන් ය. කතොලික, බුද්ධාගම සහ රෙපරමාදු ප්‍රධාන ආගම්වේ.

1960 දී එක පුද්ගල ආදායම ශ්‍රී ලංකාව හා සම මට්ටමක පැවති දකුණු කොරියාව අද ඉහල  ආදායම් ලබන ආර්ථික (High Income Economies) 25 න් එකක් බවට පත්ව ඇත. සාමාණයෙන් වසරකට ‍ඩොලර් 273ක ප්‍රමාණයකින් සිය ඒක පුද්ගල ආදායම වැඩි කර ගන්නා කොරියාව ශ්‍රී ලංකාව මෙන් 18 ගුණයක් ඉදිරියෙන් සිටී.

මෙම ආර්ථික ප්‍රගතිය ඇරබුනේ 1961 බලයට පත් පාක් වුන් හි ගේ කාලයේදීය. 1962 - 1966 පලමු 5 අවුරුදු ආර්ථික සැලැස්ම කාර්මික කරනයට පිවිසීමට අවකාසය සැලසිනි. කාර්මිකකරණය නිසා ගැමි ජනයා නගරය කරා ඇදෙන්නට විය.  දකුණු කොරියාවේ මුලු ජනගහනයෙන් 70% පමණ නාගරිකයන්ය. මහා පරිමාණ මෙන්ම තැන තැන පිහිටි කර්මාන්ත ශාලා දහස් ගණනකි. ඇදුම් නිශ්පාදන, ගොඩනැගිලි උපකරන, ගෘහ උපකරණ, ආහාර නිශ්පාදන, මෝටර් රථ අමතර කොටස්,  කර්මාන්තශාලා මින් කිහිපයකි. සැම්සුන්, ගෝල්ඩ් ස්ටාර්, හයිහොන්ඩා වැනි ආයතන ජාතියන්තර වෙළද පලේ ප්‍රධාන සමාගම් බවට පත්ව ඇත.

මෙම වසර තුල උතුරු කොරියා දකුණු කොරියා මත බේද ඇතිවු අතර එම නිසා පැන්මුන්ජොම් ගම්මාන යේ පිහිටි දෙරටටම පොදු කර්මාන්ත කලාප වසා දමන ලදි. එහෙත් අද වන විට උතුරු සහ දකුණු කොරියා නියෝජිතයන් සාකච්චා අරබා  මත බේද  නිරාකරණය කර ගැනීමට කටයුතු කරමින් සිටී.







1 comment: