කොරියානු හෝඩිය ස්වර 10 කින් සහ
ව්යජන 14 සමන්විත වන අතර ස්වර 10ට සම්භන්ද වන සංයුක්ත ස්වර 11 හා ශුද්ධ ව්යජන
වලට අමතරව දිත්ව ව්යජන 5ක්ද ඇත. කොරියානු හෝඩිය අක්ෂර 40ක් තිබේ. නමුත් කොරියානු
හෝඩිය වශයෙන් මූලික ස්වර 10 හා ව්යජන 14 හැදින්වේ. කොරියානු අක්ෂර ඉහල සිට පහලටත් වමේ සිට දකුණටත්
කියවෙන ඉරිවලින් සකස්වී ඇත. බින්දුව සහ ඉර සියලුම අක්ෂරවලට යෙදී ඇත. ස්වරයක් තනිව
ලියන විට ස්වරයට පෙර 0 යෙදා ලිවිය යුතුය.
* කොරියානු භාෂාවේ හල් කිරීම ගැන ගැන විස්තර ඉදිරි ලිපියකින්.
*කොරියානු හෝඩිය අක්ෂර උච්චාරණය කරන ආකාරය සදහා පහත වීඩියෝව බලන්න.. |
- 어머니 - ඔමොනි - අම්මා
- 아버지 - අබොජි - තාත්තා
- 누나 - නුනා - අක්කා
- 바보 - පාබෝ - මෝඩයා
- 나라 - නාරා - රට
- 다리 - තරි - කකුල
- 허리 - හොරි - කොන්ද
- 치마 - චිමා - සාය
- 나무 - නාමු - පැලෑටි
- 바다 - පාදා - මුහුද
- 버스 - බොස - බසය
- 우리 - උරි - අපේ
- 머리 - මොරි - ඔලුව
- 모자 - මෝජා - තොප්පය
- 바지 - පාජි - කලිසම
- 지도 - චිදෝ - සිතියම
- 야구 - යාගු - කීඩාව (බේස්බෝල්)
- 여기 - යොගි - මෙතන
- 다리미 - තරිමි - ස්ත්රිකය
- 미리 - මිරි - වේලාස්සනින් / කල්තියා
- 아이 - ආඉ - දරුවා
- 나이 - නායි - වයස
- 나 - නා - මම
- 누구 - නුගු - කව්ද
- 고구마 - කොගුමා - බතල
- 우유 - උයු - කිරි
- 고기 - කෝගි - මස්
ela Godak watinawa digatama karagenna yanna mama suba pathanawa
ReplyDeleteSupiri thanks
ReplyDeleteThanks dr special
ReplyDelete